Thursday, 21 March 2019

ශ්‍රී ලංකාවේ සාමූහික ප්‍රචණ්ඩත්වය සහ එදිනෙදා හුරුපුරුදු - ජොතනතන් ස්පෙන්සර්

ශ්‍රී ලංකාවේ සාමූහික ප්‍රචණ්ඩත්වය සහ එදිනෙදා හුරුපුරුදු - ජොතනතන් ස්පෙන්සර්

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

The curious incident of the dog in the night time - Mark Haddon

The curious incident of the dog in the night time - Mark Haddon

https://en.wikipedia.org/wiki/The_Curious_Incident_of_the_Dog_in_the_Night-Time

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

ඇසිඩ් වැස්ස - දීප්ති කුමාර ගුණරත්න

ඇසිඩ් වැස්ස - දීප්ති කුමාර ගුණරත්න

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

Tuesday, 19 March 2019

ප්‍රතිවාදී කිතුනුවා ෆ්‍රෙඩ්රික් නිට්ෂේ - පසන් කොඩිකාර

ප්‍රතිවාදී කිතුනුවා ෆ්‍රෙඩ්රික් නිට්ෂේ - පසන් කොඩිකාර

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

Monday, 18 March 2019

පන්සලේ විප්ලවය - වික්ටර් අයිවන්

පන්සලේ විප්ලවය - වික්ටර් අයිවන්

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

ඇත්තක අරුමය - රිචර්ඩ් ඩෝකින්ස් (විජයානන්ද ජයවීර)

ඇත්තක අරුමය - රිචර්ඩ් ඩෝකින්ස් ( පරිවර්තනය විජයානන්ද ජයවීර)

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

Thursday, 14 March 2019

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය - තරංගනී රෙසිකා ප්‍රනාන්දු

නවකතාවකි.

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

Tuesday, 12 March 2019

උපන් දා සිට - මාර්ටින් වික්‍රමසිංහ

මාර්ටින් වික්‍රමසිංහ ස්වයං චරිතාපදානය

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ (0433 330 638) අමතන්න.

අපේ අරමුණු

පුස්තකාල සේවාව ඇරඹීමේ අපේ මූලික අරමුණු මෙසේ ය.

1. පොත්පත් කියවා ලබන දැනුම තුළින් කලා නිර්මාණ රසාස්වාදය සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීම

2. සාකච්ඡා මණ්ඩපයක් බිහි කිරීම

3. සිඩ්නි කොළඹ රංග ව්‍යාපෘතිය හා සම්බන්ධ සහෘද පිරිසට සේවාවක් ලබාදීම

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියේ රසික සංසදයේ සාමාජිකයින්ට මේ කෘති කියවා ආපසු දීම සඳහා ලබා ගත හැකි බව සතුටින් දන්වමු.

වැඩි විස්තර සඳහා සුජීව මුදලිගේ අමතන්න.

ඩයස්පෝරික නාට්‍ය සංස්කෘතියකට පෙරවදනක් - Towards a disporic theatre culture

සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතියෙහි (Sydney-Colombo Theatre Project) උත්සාහය කුමක්ද, ඔබට ඊට ඇති සම්බන්ධය කුමක්ද? මේ ඒ ගැන කෙටි හැඳින්වීමකි.

කාලයක් තිස්සේ කරගෙන ආ නාට්‍ය වැඩමුළුවක ප්‍රතිඵලයක් ලෙස අප පිරිසක් විසින් සිඩිනි මූලිකව සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතිය මෑතකදී පිහිටවා ගන්නා ලදී. එය කිසියම් පුද්ගලයකුගේ තනි නායකත්වය යටතේ පවතින්නක් නොව ඊට ආවේණික වූ පරිපාලන ව්‍යුහයක් සහ විනයක් මත පවතින ස්වාධීන සංවිධානයකි. එය තවමත් ආරම්භක අවස්ථාවේ පවතින වාණිජ පරමාර්ථයෙන් ඔබ්බට ගිය සමාජ ප්‍රවර්ධනය සඳහා මැදිහත්වන්නට උත්සාහ කරන නාට්‍ය සංවර්ධන ව්‍යාපෘතියකි. උදාහරණයක් වශයෙන් අපේ එක් මූලික උත්සාහයක් වන්නේ අවම වශයෙන් කොළඹ නගරයේ මෙන් හෝ හොඳ රංග ශිල්පීන් පිරිසක් බිහිකර ගැනීමයි. එසේ ම, දැනට කරගෙන යන ඩයස්පෝරා රංගය වැනි ව්‍යාපෘති හරහා අපේ ප්‍රේක්ෂකයින් තුළ නාට්‍ය කලාව ගැන රසයක් හා ඇල්මක් මෙන්ම අර්ථවත් සංවාදයක් ඇති කරන්නටත් නාට්‍යය හුදු කොලොප්පන් සැපයීමේ මෝඩ සංදර්ශනයකට එහා ගිය අර්ථවත් මාධ්‍යයක් බව තහවුරු කරන්නටත් අපි උත්සාහ කරන්නෙමු. ඒ සමගම, අප උත්සාහ කරන්නේ අපේ නිර්මාණ හැකි හැම විටම ගුණාත්මක බවෙන් ඉහළ, ප්‍රවීණ මට්ටමකින් ඉදිරිපත් කරන්නට ය.

අප නාට්‍ය රචනයේ සිට නිෂ්පාදනය හරහා වැඩමුළු දක්වා සෑම නාට්‍ය ක්‍රියාකාරකමක් ම කරන අතර විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ධාරාවෙන් සහයෝගය නොලබන සමාජ සංස්කෘතීන් හි ප්‍රශ්න සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලාංකික ඩයස්පෝරික සමාජයේ නාට්‍ය සංස්කෘතිය වර්ධනය කිරීමටත් අපි වැඩි අවධානයක් යොමු කරන්නෙමු. ඒ සඳහා අවශ්‍ය දියුණු දැනුම හා තාක්ෂණය අපි භාවිතා කරන්නෙමු.

ලෝකය පුරාම පසුගිය කාලයේ ප්‍රධාන ධාරාවෙන් සහයෝගය නොලබන ඩයස්පෝරික වැනි සුළු ජන කොටස් හා අවරවරප්‍රසාදිත ජන කොටස් වලට ආවේණික නාට්‍ය ව්‍යාපෘති විශාල වශයෙන් බිහිවුණි. ඒවා අප වැනි නාට්‍ය ව්‍යාපෘති (Theatre Project) ලෙස මෙන් ම නාට්‍ය සමාගම් (Theatre Company) ලෙස ආදී වශයෙන් විවිධ ආකෘතීන්ගෙන් යුක්ත ය. ඕස්ට්‍රේලියාවේම ඇති http://urbantheatre.com.au ඒ සම්බන්ධ වඩාත් ම ප්‍රකට සංවිධානයකි. එසේ ම, http://www.blacktheatrenetwork.org යනු කළු ජාතීන් සම්බන්ධ ලෝක ප්‍ර්‍රකට නාට්‍ය සංවිධානයකි. ආන්තික ජන කොටස්වල ප්‍රශ්න කතා කරන තවත් ප්‍රකට නාට්‍ය ව්‍යාපෘතියකි http://theatreprometheus.org.

මේ සෑම නාට්‍ය ව්‍යාපෘතියක් ම, කොටින් ම Sydney Theatre Company වැනි දැවැන්ත නාට්‍ය සමාගම් පවා, ලෝකයේ පවතින්නේ රජයේ සීමිත ආධාරයක් හා කලාවට ලැදි දානපතියන්ගේ ආධාර අනුග්‍රහය (donation) මත ය. ඔබ ඒ ඕනෑ ම ව්‍යාපෘතියක වෙබ් අඩවියකට ගිය හොත් ආධාර ලබා දීමට ක්‍රම සඳහන් කර ඇත. නාට්‍ය නිර්මාණයට හා සංවර්ධනයට අධික වියදමක් යන අතර බොහෝ විට එය ප්‍රවේශ පත්‍ර වල මිලෙන් පමණක් ආවරණය කළ නොහැක. විශේෂයෙන් ම, විදේශ රටවල ඇති ඩයස්පෝරික සමාජයන් හි කලාව පිළිබඳව කතා කිරීමේ දී ජර්මනිය (Goethe-Institute) හා ප්‍රංශය (Alliance Française) වැනි රටවල්වල වඩා දියුණු ඩයස්පෝරික කලා සංස්කෘතීන් ඇත්තේ ඒවා විශාල ජනතා අනුග්‍රහයක් ලබන නිසා ය. එසේ වන්නේ ඒකී ජනතාව අනාදිමත් කාලයක සිට පැවති එන, කලාව සමීපව ඇසුරු කිරීමේ දැවන්ත සම්ප්‍රදායකින් බිහිවීම නිසා ය.

කණගාටුවෙන් වුව ද කිව යුත්තේ අපිට එවැනි සම්ප්‍රදායක් නැති බවය. අපේ රජයන් ද ඇතුළුව බොහෝ කලා හා සංවර්ධන ව්‍යාපෘති පැවතෙන්නේ අන් බොහෝ දේ මෙන් අර්ථයට වඩා ප්‍රදර්ශනය මුල් කරගත් දූෂිත අවස්ථාවාදී ව්‍යාපෘති ලෙස ය. ඒවායේ බොහෝ විට කෙරන්නේ වෙනත් උවමනාවන් සඳහා ‘කලාව’ අවභාවිතා කිරීමයි. මේ නිසාම ජනතාව වෙනුවෙන් සේවය කරනවා යැයි කියන ව්‍යාපෘති අතර ජනතාවද හවුල් කරගෙන ඉතා අප්‍රසන්න කලා විරෝධී ගැටුමක් ඇති අතර රජයන්ද සාධාරණය ස්ථාපිත කර ඒවා සමතයකට පත්කරනවා වෙනුවට ඒකී ගැටුම් හරහා පවතින්නට හදයි. මෙවන් පිරිසර තුල සාමාන්‍යෙයන් සිදුවන්නේ හුදෙක් පංති තත්වය හා බලය පෙන්වීමට හෝ කීයක් හරි හොයාගැනීමට තවත් සෝබන මෙවලමක් ලෙස කලාව මුතුපිටින් යොදාගන්නන් බිහිවීමත් ඔවුන්ව 'කලා තරු' ලෙස හඳුනා ගැනීමත්ය. මේ නිසා ම දෝ නාට්‍ය සම්බන්ධයෙන් කතා කිරීමේදී දියුණු කලා සම්ප්‍රදායන් මගින් පෝෂණය වූ සමාජ තුළ අපට දකින්නට ඇති කලාව හරහා මතු වෙන ජීවිත යථාර්තය පිළිබඳ සංවාදශීලීබව, විචාරශීලීත්වය, අර්ථවත් කලාව සොයා ගැනීමට හා එය ඇගයීමට ඇති හැකියාව, හුදු පුද්ගල ලාභයට වඩා සමාජ යහපත හරහා තෘප්තිය ලැබීමට ඇති හැකියාව (සාමූහික ආස්වාදය) අප සමාජය තුළ එතරම් දකින්නට නැත. අපගේ රජයන් ප්‍රමුඛ පොදුවේ ජනතාවට කලා සංවර්ධනය ගැන ඇත්තේ පිලිස්තීනු (Philistinism) ප්‍රතිචාරයකි.

එහෙත් පොදු තත්වය එසේ තිබියදී වුව ඩයස්පෝරා රංගයේ මංගල දර්ශනය දා අපට සැලකිය යුතු මුදල් අනුග්‍රහයක් (donations) ලැබුණු බව ස්තූති පූර්වකව සඳහන් කළ යුතුය. ඒ ආධාර හිතුවට වඩා විශාලව ලැබීම තුළින් අප වඩා ධෛර්යමත්ව වටහා ගත්තේ, මෙවැනි ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාමට උවමනාව ඇති කිසියම් ප්‍රේක්ෂකයින් පිරිසක් හෝ තාමත් අප අතර ඉන්නා බවයි. එසේ ම අදහස්, යෝජනා සහ ඊමේල් පණිවිඩ වලින් පවා අපට සමහරුන් දුන් ධෛර්යය ද ඊට එකතු කළ යුතු වේ.

ශ්‍රී ලංකාවේ වුව ද නාට්‍ය සංස්කෘතියක් ඇත්නම් එය පවතින්නේ කොළඹ කේන්ද්‍රීය සුළු අවකාශයක් තුළ පමණකි. නාට්‍ය සංස්කෘතියක් යනුවෙන් අදහස් කෙරෙන්නේ, නාට්‍ය රචනය, නිෂ්පාදනය, රංගනය ආදී නිර්මාණකරණය, වැඩමුළු ආදී අධ්‍යාපන හා පර්යේෂණ අංශ, නාට්‍ය නැරඹීම, සංවාද, විචාර ආදී රස වින්දන ක්‍රියාකාරකම්, නාට්‍ය ගැන පොත පත හා ඊට අවශ්‍ය භෞතික පහසුකම් වලින් පිරුණු ජීවිතයේ හරය සහ රසය කලාව හරහා බෙදා ගැනීමට කැමති ක්‍රියාකාරී සහෘද සමාජයකි. ඇඳුනුම්කමට විකිණෙන ප්‍රවේශ පත්‍ර මත නොව අනිකුත් පාරිභෝගික භාණ්ඩ සේම පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය මත ඉල්ලා සිටින කලාවක් මත බිහිවුණු සංස්කෘතිය නියම කලා සංස්කෘතියයි. අපේ යෝජනාව වන්නේ සිඩ්නි ශ්‍රී ලංකික සමාජය තුළ ද එයට ආවේණික දියුණු නාට්‍ය සංස්කෘතියක් වර්ධනය විය යුතු බවයි. ඇත්ත වශයෙන්ම එසේ නාට්‍ය සංවර්ධනය ගැන අප සැබෑවට කල්පනා කරන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකාවට වඩා පහසුකම් සිඩ්නි වල ඇත. ඊට ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාවේ සංවර්ධනයට පවා දායක විය හැකිය. ඒම දායකත්වය ලබා දීමට අපි උත්සහ කරන්නෙමු. අපේ උත්සාහයේ ප්‍රතිඵල ඔබට දකින්නට හැකි ය, අවශ්‍ය නම් ඔබට අප හා සම්බන්ධ වීමට ද හැකිය.

ඔබට සුභ දවසක්!

ධනංජය කරුණාරත්න [http://www.dhananjaya.net]
සිඩ්නි-කොළඹ රංග ව්‍යාපෘතිය [http://www.sctp.org.au]